හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයලත් ජයවර්ධන මහතාගේ පුත් පළාත් සභා මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇල වැලිගම්පිටිය පිහිටි නිවසේ ඉඩම සුද්ධ පවිත්ර කරන අවස්ථාවේ අද (15දා) අත්බෝම්බයක් හමු වී තිබේ.
පසුගිය පළාත් සභා මැතිවරණයට දින කිහිපයකට පෙර මාර්තු (27දා) රාත්රියේ කාවින්ද ජයවර්ධන මහතාගේ නිවස පිහිටි ඉඩමට කිසියම් පිරිසක් මෝටර් රථයකින් යන අතරතුර සැකසහිත යමක් විසිකරන අයුරු එහි සිටි සේවකයෙකු දැක මේ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් ඔස්සේ (119) පැමිණිල්ලක් දමා තිබී ඇත. ඒ අනුව එදින කඳාන පොලීසිය එම ස්ථානය පැමිණ සෝදිසි කළද විසිකළ යමක් සොයාගැනීමට නොහැකි වී ඇත.
රුක්මන් කඳාන