පළාත් පාලනය සැප්තැම්බරයේ?
පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයට පෙර පවත්වා ඉන් පසුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ආණ්ඩුවේ විශ්වාසදායක ආරංචිමාර්ග 'අද' ට පැවසීය.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ පළාත් පාලන මැතිවරණ පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පතක් සහිත කැබිනට් සංදේශයක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඊයේ(03දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
නමුත් එම කැබිනට් සංදේශය අනුමත කිරීමට සතියක් කල් ලබාදෙන ලෙස අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉල්ලා ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේද එකඟතාව මත එම සංදේශ පත්‍රිකාව සඳහා සතියක කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.කෙසේ වෙතත් මෙහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඒසඳහා සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර, තමාට ජනතා විරෝධය එල්ලවන බැවින් කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් සුළු පක්ෂ සඳහා මෙම සංශෝධනය තුළින් අසාධාරණයක් වනවාද යන්න අධ්‍යයනය කළ යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා ඇති අතර, එහිදී සියලු දෙනාගේ එකඟතාව මත එම සංදේශය අනුමත කිරීම සතියකින් කල්දමා තිබේ.
මෙම සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටත්, එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ කැබිනට් අනු කාරක සභාව අද(03දා) පාර්ලිමේන්තුවේදී රැස්වී මේපිළිබඳ සාකච්ඡා කිරීමටත් තීරණය කරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

