පළාත් පාලන මැතිවරණයට විකල්ප තුනක්
- 27 11 2017
- 17:13
- {{hitsCtrl.values.hits}} views
- . .
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සමට අදාළව ගත හැකි ඉදිරි ක්රියාමාර්ග තුනක් පිළිබඳව පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව ඇත.
ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද (27දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් මේ සඳහ් එක්ව තිබේ.
1. අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනීම.
2. හැකි නම් එම පෙත්සම් ඉල්ලා අස්කරවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම.
3. එම ප්රවේශයන් 2 අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්ර සීමා උපයෝගී කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම. (මෙහිදී ගැටලුව බවට පත්ව ඇත්තේ බහු ආසන ඇති කොට්ඨාශ 64 නිසා ඉතිරි කොටස් වෙනුවෙන් 2015 ගැසට් පත්රය ක්රියාත්මක කළ හැකි බවට අදහසක් ඉදිරිපත් වූ හෙයින් ඒ පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.)
යන විකල්ප තුන පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇත.
මෙම රැස්වීම සඳහා එක් වූ සියළු පාර්ශ්වයන් විසින් කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවට අවධාරණය කර ඇති බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව අග්රාමාත්යවරයා මෙහිදී පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


