පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ සභික සංඛ්‍යාව සඳහන් ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීමේ දිනය දීර්ඝ කරනු ලැබුවද, මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීමේ දිනය ඔක්තෝබර් පළමු වැනිදා දක්වා දීර්ඝ කළේ, ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් ඔක්තෝබර් පළමු වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වුවහොත් අදාළ ගැසට් නිවේදනය එම දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ සභික සංඛ්‍යාව සඳහන් ගැසට් නිවේදනය ජූලි පළමු වැනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.