පළාත් පාලන ආයතන මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බවට මැතිවරණ වේදිකාවේ කෑමොර දුන්නද බොහෝ දේශපාලන පක්ෂ එම මැතිවරණයට දැඩිසේ බිය වී සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ හේතුවෙන් එම මැතිවරණය කඩාකප්පල් කර දැමීමට දේශපාලන පක්ෂ බහුතරයක් අනියම් ආකාරයට රට තුළ වැඩ පිළිවෙළ මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටින බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙතෙක් කලක් මැතිවරණවලට බිය වී සිටියේ බලය තිබෙන පක්ෂය පමණක් බවත්, එහෙත් මේ වනවිට තත්ත්වය වෙනස් වී තමන්ගේ බලය රැකගැනීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩයම්ද මැතිවරණ කල්දැමීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.