පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ප්රමාණයට අනුව පක්ෂවලට ලැබුණු මන්ත්රී ධුර ප්රමාණයට වඩා කොට්ඨාස ජයග්රහණය කිරීම නිසා සභිකයන් 364 දෙනෙකු අලුතින් පත් කිරීමට සිදුව ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ අනුව ආයතන 340 සඳහා පත්වන සමස්ත මන්ත්රී ධුර ප්රමාණය 8689 දක්වා ඉහළ ගොස් තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පැවැති ක්රමවේදයට අනුව ආයතන 340 සඳහා පත්වීමට නියමිතව සිටියේ සභිකයන් 8325ක ප්රමාණයක් පමණක් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් අතිරේක සහිකත්වයෙන් 364ක් පත්වී සිටින නිසා එම පිරිස් නඩත්තු කිරීමේ බරපැනද ජනතාවට දැරීමට සිදුව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.