පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය අනෙක් පක්ෂවල සහාය ලබා ගැනීමට අපෙක්ෂා කරන බව එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවැසීය. කෑගල්ලේදි ඊයේ (22දා) පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
“බොහෝ තැන්වල සභාව තනියෙන් පිහිටුවා ගන්න අමාරුයි තනි පක්ෂයකට. බොහෝ තැන්වල අපට එකතු වෙලා සභාව පිහිටුවන්න වෙනවා. ඒ එකතුවෙලා පිහිටුවන්න පුළුවන් තැන්වල අපි බලාපොරොත්තුවෙනවා එකතුවෙලා සභාව පිහිටුවන්න. ඒක ස්ථාවර සභාවක් වෙන්න ඕන. එකසිය පහනකට ආසන්න සභාවල් ඒ අනුව පිහිටුවන්න පුළුවන්."