පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට ගෙනා බහු ආසන මන්ත්රී කොට්ඨාශ නැමැති සංශෝධනය වැඩි ඡන්ද 88 කින් සම්මත විය.
සංශෝධනයට පක්ෂව ඡන්ද 137 ක්ද විරුද්ධව ඡන්ද 49 ක් ද ලැබුණි. මන්ත්රීවරු අට දෙනෙකු ඡන්දය දිමෙන් වැළකි සිටියහ.
පනත් කෙටුම්පතේ සිංහල සහ ඉංග්රිසි වචන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධනයට ආණ්ඩුව විසින් තවත් සංශෝධනයක් ඉදිරිපත් කිරිම පිළිබඳව විපක්ෂය විරෝධය දැක්වනු ලැබීය. එය වන්නේ බහු ආසන මන්ත්රී කොට්ඨාශ සඳහා සභිකයන් පත් කිරිමයි.