පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ පවතින තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ.
එම අනුකමිටුවේ සභාපතිත්වය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාටත්, ලේකම් තනතුර අමාත්‍ය ලේකම් කමල් පත්මසිරි මහතාටත් ලබාදී ඇත.
සෙසු සාමාජිකයන් ලෙස මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මනෝගනේෂන්, රිෂාඩ් බදියුදීන්, වජිර අබේවර්ධන, රාවුෆ් හකීම්, සුසිල් ප්‍රේම්ජයන්ත, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් පත් කර තිබේ.
මෙම කමිටුව දේශපාලන පක්ෂවලද අදහස් ලබාගෙන අදාළ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.