පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා අද (24දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා වූ විවාදය අද දින පවත්වන බවත් මෙයට අදාළ ඡන්ද විමසීම එළඹෙන 06දා පැවැත්වීමට කටයුතු කරන බවත් කථානායක කරූ ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර සිටියේය.