පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව 2017.12.09 වැනි දින සිට මේ දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 100ක් බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව, 2017.12.09දා සිට මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 43ක් වන අතර, එම පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින අපේකෂකයන් සංඛ්‍යාව 08ක් වන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ සමග මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ද 45ක් වාර්තා වන බැවින්, සමස්තයක් ලෙස මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීතී උලංඝනය කිරීම් මේ දක්වා 145ක් වන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.