රාජ්‍ය අරමුදල්වලින් පළාත් පාලන ආයතනවලට උපකරණ හෝ ද්‍රව්‍ය ලබාදීම හේතු කරගනිමින් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20දා) සඳහන් කළේය.
පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වූ අමිත කිත්සිරි රණවක මහතා පළාත් පාලන ආයතනවල ඉල්ලීමක් ඉෂ්ට කරමින් දිවිනැගුම දෙපාර්තුමේන්තුවේ අරමුදල්වලින් කොඩි කණු ලබාදීමේ වරදක් දැකිය නොහැකි බවද එම සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
කොඩිකණු, බවුසර්, කසළ බඳුන් ආදිය පළාත් පාලන ආයතනවලට අත්‍යවශ්‍ය උකරණ බවත්, ඒවා ලබාදීමේදී යම් දෝෂයක් සිදුව ඇත්නම් පරිපාලන නීතිය අනුව කටයුතු කළ යුතු බවත් ඒමහතා පවසා සිටියේය.
එහිදී ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය ඔස්සේ ක්‍රියාකළ යුතු බවත්, එම ක්‍රියාවලියේ දෝෂයක් තිබේ නම් අධිකරණයට යෑම සම්බන්ධව තම සංගමය ප්‍රශ්න කර සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ