නැගෙනහිර, වයඹ, උතුරුමැද, ඌව හා උතුර යන පළාත්වලට වැසි රහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (23දා) සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලට සවස 2න් පමණ පසු වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.