පැයකට ආසන්න කාලයක් දකුණු පළාතේ හා සබරගමුව පළාතේ විදුලි සැපයුම බිඳ වැටුණු බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. පැරණි හා නව ලක්ෂපාන බලාගාරයන්හි විදුලි උත්පාදනයේ බිඳ වැටීමක් හේතුවෙන් මෙම විදුලි සැයපුම අැණහිට තිබේ.
කැනියොන් සිට ලක්ෂපාන දක්වා විදුලිය ගෙන යන රැහැන් පද්ධතියට ගසක් කඩාවැටීම හේතුවෙන් විදුලි සැපයුම ඇන හිට ඇති අතර උදෑසන අති වූ මෙම බිඳවැටීම ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමටත් විදුලි බල මණ්ඩලය සමත්ව තිබේ.