දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වල) වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25දා) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සෙසු පළාත් වල තැනින්තැන සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් වල ඇතැම් ස්ථාන වලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.