දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ වල තරමක් තද සුළං (පැ.කි.මී.50-60 පමණ) බලාපොරොත්තු විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද සුළං (පැ.කි.මී.60-70 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි ඇති විය හැකි බවත්, සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පවසා සිටියි.
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවත් කියයි.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 50-60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විටරළු විය හැකි අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාව දැනුම්වත් කරයි.