පළාත් කිහිපයකට තවදුරටත් වැසි - දිවයින හරහා තද සුළං
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව පෙන්වා දෙයි.
එහිදී, සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවත්, සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බවත් පෙන්වා දෙයි.
කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බවද පෙන්වා දෙයි.
ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

