අද දිනයේදී හා හෙට දිනයේදී නැගෙනහිර, උෟව, උතුරු හා උතුරුමැද පළාත්වලට සවස් කාලයේ ගිගුරුමි සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, වව්නියාව, අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 50 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
මේ අතර අහස වළාකුළින් බරව පවතින බවත් සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වටද සිහින් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.