බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව හා දකුණු පළාත් වලට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් සඳහන් කරයි. එසේම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ඉක්ම වූ තරමක් තද වැසි බලාපොරොත්තුවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.