බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වලට අද දිනයේදීත් මිලි මීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එසේම අනෙනකුත් පළාත් වලට සවස්කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපෙක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
වැස්ස ඇතිවන විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. ඊයේ දිනයේදී උපරිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අතර එය මිලි මීටර් 68.2කි.