දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස්වලට තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට තදවැසි (මිලීමීටර් 100කට වඩා) ඇතිවීමටද ඉඩ ඇතැයි ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයිනට නැගෙනහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පවතින බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.