ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන බවත්, එය පවත්වන්නේ ජනවාරියේද, එසේත් නැතහොත් මාර්තු මාසයේද යන්න තවම හරිහැටි තීරණය කර නැති බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (03දා) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගතයුත්තේ ජනාධිපතිවරයා බවයි.
එහෙත් මේ දක්වා එවැනි දිනයක් සම්බන්ධව අවසන් තීරණයකට එළඹ නැතැයිද අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
කිසිම අයුරකින් ජනමත විචාරණයක් පවත්වන්නේ නැතැයි පැවසූ ඒ මහතා, අතීතයේදී පැවැත්වූ කළගෙඩි සෙල්ලම හොඳට මතක තිබෙන නිසා එවැනි තීරණවලට එළඹෙන්නේ නැතැයි සඳහන් කළේය.
කෙසේ වෙනත් ජනාධිපතිවරණය ජනවාරි මාසයේ හෝ මාර්තු මාසයේ යන කවර මාසයකදී පැවැත්වුවද එහි අවසන් ප්‍රතිඵලය මහින්ද රජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පමණක් බවද හෙතෙම පවසා සිටියේය.