ලබන වර්ෂයේ (2017) පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත් ලබන මස (ජුනි) 30 වැනිදාට ප්‍රථම යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය මේවනවිට නිකුත් කර ඇති අතර, අදාළ ආදර්ශ අයදුම්පත් හා උපදෙස් පත්‍රිකාව www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන්ද ලබාගැනීමට හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.