පළමු වසරේ ආදි සිසු කෝටාවේ වෙනසක් නෑ
පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී ආදි සිසුන්ට හිමිකෝටාව අඩුකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 'අද' ට පැවසීය.
පළමු වසරට සිසුන් ඇතුළත් කීරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට අමාත්‍යවරයා අධ්‍යාපනඥයන්, විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇත.
මේ යටතේ ප්‍රායෝගික ගැටලු, දෙමව්පියන්ට ඇති ගැටලු, ආදි ශිෂ්‍ය සංගම් සඳහා ඇති ගැටලු, ඔප්පු සම්බන්ධයෙන් ඇති ගැටලු, පදිංචිකරුවන්ට ඇති ගැටලු ආදී සියල්ල මෙම කමිටුව මගින් සමාලෝචනයට ලක්කිරීමට නියමිතය.
චක්‍රලේඛය යටතේ මේවනවිට ආදි සිසුන්ට පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළව25%ක කෝටාවක් ලබාදී ඇත.
එම කමිටුවේ නිර්දේශ පිළිබඳ අමාත්‍යවරයා සමග සිදුකරන සාකච්ඡාවෙන් පසුව පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගන්නා බවද අකිල විරාජ් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම පදිංචිය අනුව ළමුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්ද චෝදනා රැසක් ලැබී ඇති බැවින් ඒසම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකරන බව අමාත්‍යවරයා පැවසුවේය.
අදාළ වාර්තාව ඉතා ඉක්මනින් ලබාගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
මේ අතර පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ ආදි සිසු කෝටාව 20% දක්වා අඩුකිරීමේ නිර්දේශයක් අදාල කමිටුව විසින් ඇතුළත් කර ඇති අතර ඒසඳහා කමිටු සමාජිකයින් වැඩිදෙනෙකුගේ එකඟතාවය ලැබී ඇති බවද අද ට වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

