ඉතිහාසයේ ප්රථම වරට පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයක් ජයග්රහණය කර ඇතමෙලෙස පුත්තලම නගර සභාවේ බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය විසින් වන අතර පුත්තලම නගර සභාවේ කොට්ඨාශ 11 අතරින් හතකම බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ හිටපු නගරාධිපතිවරයකු වන කේ.ඒ. බායිස් මහතා ඇතුළු මුස්ලිම් කොංග්රස් කණ්ඩායමයි.
කොට්ඨාශ දෙකක පමණක් ජය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂයට හැකිව තිබේ. එසේම ඉතිරි කොට්ඨාශ දෙකෙහි බලය හිමිව ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණටය.
මෙහි විශේෂත්වය වන්නේ ඇමති රිෂාඩ් බදියුදීන් විසින් මෙහෙය වන ලද පුත්තලම නගර සභාවේ කිසිදු කොට්ඨාශයක බලය ලබා ගැනිමට නොහැකිවීමය.
මෙහිදි අදහස් දැක්වු කේ.ඒ .බායිස් මහතා
“කිසිම මොහොතක රිෂාඩ් ඇමතිවරයා මිනිහා එක්ක අපි කිසිම සන්ධානයක් ගත වෙන්නේ නැහැ. එහිදි නගර සභාවේ බලය පිහිටු වන්න රිෂාඩ් නොමැති ඕනෑම කණ්ඩායමක් එක්ක ගිවිසුම් ගත වෙන්න සුදානම්. එහිදි අලියාද පොහොට්ටුවද කියලා මට ප්රශ්ණයක් නැහැ.” යැයි පැවසිය.