පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ශීත කළ පොල් මද සහිත පළමු නැව ඊයේ (09දා) දිවයිනට පැමිණි බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පොල් මද තොගය අද සිට කර්මාන්ත සඳහා බෙදාහැරීමට නියමිත බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉදිරියේදී පොල්මද මෙට්‍රික් ටොන් 78,000ක් වාර්ෂිකව ආනයනය කරන බවත්, එම මද මගින් අගය එකතු කළ නිමි භාණ්ඩ සකස් කර නැවත ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම මේ හරහා සෘජු පරිභෝජනයට අවශ්‍ය පොල් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගැනීමේ හැකියාව වැඩි වන හෙයින් පොල් මිල ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවද අවම වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.