පළමු පන්තියට වඩා ඉහළ විශේෂ පන්තියක් දුම්රිය සේවයට හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.මේ වන විටත් එහි පළමු දුම්රිය මැදිරිය සකස් කර අවසන් වී ඇති අතර උදෑසන 6.55ට කොළඹ කොටුවෙන් මාතර බලා පිටත් වන සීග්රගාමී දුම්රියට එම මැදිරිය එක් කිරීමට නියමිත අතර නව මැදිරිය අන්තර්ජාල පහසුකම්වලින් ද සමන්විත බව වැඩි දුරටත් වාර්තා වේ.