පසුගිය ආණ්ඩුව කළ වැඩකටයුතු පිළිබඳව වත්මන් ආණ්ඩුව විපක්ෂයට චෝදනා කළද, එම කටයුතු සියල්ල කළේ මුළු කැබිනට් එක එක්ව බැවින් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද ඊට වගකිව යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එබැවින් වත්මන් ජනපතිවරයාට ඒ වගකීම්වලින් මිදිය නොහැකි බවත්, ඒ නිසා විපක්ෂයට චෝදනා කරමින් නොසිට ජනතාව වෙනුවෙන් වැඩක් කරන ලෙස වත්මන් රජයට දන්වන බවත් ඔහු පවසා සිටියේය. ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට පෙරේදා (27දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
අජිත්ලාල් ශාන්තඋදය, කොළොන්න ජේ. නානායක්කාර සහ ඇඹිලිපිටිය විජය විදානපතිරණ