පිරිසුදු පාලනයක් ඇතිකර ගැනීම සඳහා ඇපකැප වී කටයුතු කරන බවත්, ඒ සඳහා සියලුම දෙනා පෙරමුණගත යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඉහළ පවතින දූෂණ වංචා නැතිකර දැමීම දුෂ්කර කාර්යයක් වී තිබෙන නිසා පහළ සිට පිරිසුදු කිරීම ආරම්භ කරන බවද අද (28දා) පැවැති උත්සවයකදී හෙතෙම සඳහන් කළේය.
මේ නිසා පළාත් පාලන ආයතන තුළින් පිරිසුදු දේශපාලනයක් හා පිරිසුදු පාලනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.