පොලොන්නරුව ඕනෑගම මැද මලුව මහා විහාරයේ වැඩ විසු දහා හතර හැවිරිදි හිමිනමකට ඊයේ (14දා) පස්වරුවේ විහාරයට පැමිණි පිරිසක් විසින් පහර දී ඇතැයි පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.
පහර දීම හේතුවෙන් තුවාල ලැබූ හිමිනම පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කර ඇත.
විහාරස්ථානයේ වෙනත් හිමිනමක් සොයා කැබ් රථයකින් පැමිණි මෙම පිරිස මෙම හිමිනමට පහර දී පළාගොස් ඇති අතර මේ අනුව එම විහාරස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
රොහාන් තුෂාර