හම්බන්තොටින් ඩී වී උපුල් පෙරමුණට
(UPDATE) දකුණු පළාත් සභාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ඩී.වී. උපුල් මහතා මනාප 64,995 ක් ලබාගනිමින් හම්බන්තොටින් පෙරමුණට පැමිණ තිබේ.
එම දිස්ත්රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන තිබෙන්නේ තෙන්නකෝන් ගමගේ සේනාරත්න මහතායි. ඔහු මනාප 28,829 ක් හිමිකරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්රික්කයේ වැඩිම ප්රතිඵල ලබාගෙන තිබෙන්නේ ගලප්පත්ති ආරච්චිගේ නිහාල් මහතාය. ඔහු මනාප 11957 ක් හිමිකරගෙන තිබේ.
රෝහණ ආරියරත්න හම්බන්තොට
------------------------------------------------------------------------------------------------------------------------------------------------
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මාතරින් දකුණු පළාත් සභා මැතිවරණයට තරග කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතා මනාපවලින් පළමුස්ථානයට පැමිණ තිබේ. ඔහු මනාප 76,870 ක් ලබාගෙන ඇත.
මාතර දිස්ත්රික්කයෙන් දකුණු පළාත් සභාවට තරග කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ප්රමාණයක් හිමිකරගෙන තිබෙන්නේ චතුර ගලප්පත්ති මහතායි. ඔහු මනාප 27,930 ක් ලබාගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණෙන් මාතර දිස්ත්රික්කයේ වැඩිම මනාප හිමිකරගෙන තිබෙන්නේ ජිනදාස කිතුලගොඩ මහතායි. ඔහු මනාප 6173 ක් හිමිකරගෙන තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එම්.ඒ. රංජිත් මහතායි. ඔහු මනාප 6680 ක් ලබාගෙන තිබේ.
	
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                