මුළු ලෝකයේම අවධානය දිනා ඇති මෙරට පවුල් සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට ගෙන ආ හෙදියන්ට වින්නඹු (සූතිකා) පුහුණුව ලබාදීමේ තීරණය හකුළා ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (16දා) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට මුළු දිවයිනම ආවරණය වන පරිදි පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු