රට තුළ පවතින පවුල් දේශපාලනය තුරන් කිරීමටත්, ලංකාව පාලනය කරන කළු සුද්දන් පලවා හැරීමටත් සිංහල - හින්දු ජාතීන් එක්විය යුතු බව බොදුබල සේනා ජාලයේ සභාපති කිරම විමිලජෝති හිමියෝ පැවසූහ.
එසේම රටට ජාතියට ආදරය කරන හා ඒ පිළිබඳ දැනීමක් ඇති සිංහල, හින්දු තරුණයන් දේශපාලනයට හඳුන්වාදිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.
අද (14දා) කිරුලපන පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.