වස මිශ්ර කළ ආහාර කෑමට සලස්වා මව, පියා හා සහෝදරිය මරා දැමූ බවට තමන්ට එරෙහිව එල්ල කොට ඇති චෝදනාවන්ට තමන් නිවැරදිකරු යැයි විත්තිකරු කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය හමුවේ කියා සිටියේය.
2012 වසරේ වැල්ලවත්ත ප්රදේශයේදී නවාතැන් පොළකදී ත්රිත්ව ඝාතනයක් කළ බවට චෝදනා ලැබූ කොටගල ක්ලෙයාර් වත්තේ පදිංචි කුමාරස්වාමි ප්රශාන් ඩෙරික් නැමැත්තා අදාළ චෝදනාවන්ට තමන් නිවැරදි කරු බව මෙලෙස පැවසීය.
ඔහුට එරෙහිව නඩුව ලබන මස 19 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය එදින උසාවියට පැමිණෙන ලෙස දැනුම් දෙමින් මෙම නඩුවේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය.