පවුලක් බේරාගැනීමට ගොස් මියගිය නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කෙරේ
ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සිය ජීවිතය නොතකා සිදුකරන ලද වික්‍රමාන්විත ක්‍රියාව සැලකිල්ලට ගනිමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට තීරණය කර තිබේ.
අදාළ නිලධාරියා පසුගිය 25 වනදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල්වළ පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීමට යෑමේදී සැඩපහරකට හසුව අතුරුදහන් වූ අතර ඔහුගේ සිරුර අද (27දා) උදෑසන අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් තිබී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නම් ගිරිවුල්ල ප්‍රදේශයේ 29 හැවිරිදි අවිවාහක අයෙකි.
මියගිය නිලධාරියාගේ අවසන් කටයුතු හෙට (28දා) අංක 176/01, මල්ගමුව, ගිරිවුල්ල ලිපිනයේ පොලිස් ආචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


