කරන්දෙණිය, තල්ගස්වත්ත ප්‍රදේශයේ කුරුඳු ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඊයේ (13 දා) රාත්‍රී ඇතුළු වී ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු නිවසේ තිබූ මුදල් රුපියල් දහහත් දහසක් සහ පවුම් පහළවක පමණ වටිනාකමින් යුතු රන් බඩු පැහැරගෙන ගොස් තිබේ.
මෙම නිවස හිමි ව්‍යාපාරිකයා නිවසේ ප්‍රධාන ගේට්ටුව වැසීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී සැඟව සිටි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු විසින් රිවෝල්වරයක් සහ ආයුධයක් පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා බැද දමා ඇත.
ඉන් පසුව නිවසට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් කොල්ල කරුවන් ව්‍යාපාරිකයාගේ බිරිය ඇගේ දරුවා සහ බිරිඳගේ නැගණියගේද අත් පා බැඳ දමා නිවැසියන්ට අයත් රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගොස් ඇතැයි එම ව්‍යාපාරිකයා කරන්දෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නැති අතර කරන්දෙනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බද්දේගම සරත් ආනන්ද