පවු ගෙවන්න වෙලා තියෙන්නේ අපිට - අගමැති
පසුගිය ආණ්ඩුව විසින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබුණත් ඒ සඳහා මුදල් ගොවා නොතිබූ බවත් ඒ මුදල් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ස්වර්ණවාහිනියේ රතු ඉර දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පසුගිය ආණ්ඩුව නියෝජනය කළ පුද්ගලයින් සෑම දෙයකින්ම මුදල් සෙවීමට උත්සහා ගත් බවත්, මිනී පෙට්ටියෙන් පවා මුදල් හම්බ කළ බවත් ඔහු කීවේය.
ජුනි මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකට ආණ්ඩුව යොමු වන බවත් මේ වන විට 20 වැනි සංශෝධනය පිළිබඳව පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනිමට උත්සාහ ගනිමින් තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් අලුත් මැතිවරණ ක්‍රමයකට ජනතාවට හුරුවීම සඳහා වසර දෙක තුනක තුනක කාලයක් ගත වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
දුෂිතයන් නීතියේ රැහැනට කොටු කරන විට එය දේශපාලනික යැයි ඇතැමුන් චෝදනා කරන බවත් තවත් පැත්තකින් දූෂිතයන් නීතියේ රැහැනට කොටු නොකිරීම ගැන චෝදනා එල්ල කරන බවත් ඔහු කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

