පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බව තංගල්ලේ පාතාල නායකයෙකු වන 'පල්ලිකුඩාවේ උක්කුවා' නමැත්තා අද (26දා) පෙරවරුවේ ඔහුට හිමි පල්ලිකුඩාවේ හෝටලය ඉදිරිපිට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
මියගිය අය පුද්ගල ඝාතන රැසකට, විවිධ පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කිරීම් චෝදනා සම්බන්ධව සහ තවත් අපරාධ රාශියක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇපමත නිදහස්ව සිටි අයෙකු බව පොලීසිය පවසයි.
මියගිය අයගේ මෘතදේහය තංගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.