රජයේ අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් වත්මන් රජය පරීක්ෂණවලට බාධා නොකරන බවට තහවුරු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.
මේ හරහා වත්මන් රජය රට තුළ නව සංස්කෘතියක් ඇති කර ඇති බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය යෝජනා කළ කරන ලද විශ්වාසභංග විවාදය කෙසේ වෙතත්, එදා හොරු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වූයේ කෙසේද, වත්මන් රජය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.