පරිපූරක වෛද්‍ය සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන බැවින් හෙට (29දා) උදෑසන 8.00 සිට රෝහල් තුළ පැය 24ක වැඩවර්ජනයක් දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව ඖෂධවේදීන් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් භෞත චිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන් සේවාවෙන් ඉවත්ව සිටින බවද එම සංගමයේ සභාපති අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය.