පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ වහාම වාර්ථාවක් ලබාදෙන ලෙද අගමැති රනිල් වික්රමසිංහ මහතා නියෝග කර තිබේ. මේ අතර මේපිළිබඳ සොයාබැලීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් පත්කළ සිව් පුද්ගල කමිටුව ලබන 17 වනදා කථානායකවරයා හමුවීමට නියමිතය.
එම කමිටුව මේ වන විට සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ 17 වනදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සමඟ සාකච්ඡා කර කමිටුවේ වාර්තා භාරදීමට නියමිතය.
පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේ ප්රතිඵලය පිළිගත නොහැකි බව පවසමින් එදින පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.