දකුණු පළාත් රෝහල් තුළ ක්‍රියාත්මක කරන පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල වැඩවර්ජනය හෙට (23දා) දිනය තුළදී පැවැත්වීමට තීරණය කළ බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (22දා) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක් දියත් වෙමින් තිබෙන බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් අද (22දා) දිනය තුළදී සාකච්ඡාවක් ලබාදීමටත් බලධාරීන් කටයුතු නොකළ බවද එම සංවිධානයේ සම කැඳවුම්කරු අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා හෙට (23දා) උදෑසන 8.00 සිට 24 වැනිදා උදෑසන 8.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද කැඳවුම්කරු අවධාරණය කළේය.
අද සිදුකළ වැඩවර්ජනය නිසා ඖෂධ නිකුත් කිරීම, ඊ.සී.ජී. පරීක්ෂණ කටයුතු, රසායනාගාර පරීක්ෂණ කටයුතු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කිසිවක් සිදු නොවූ බවත්, ජනතාවට සිදුවූ සහ හෙට දිනයේදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතාවයන් පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවද අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.