ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ සාමාන්‍ය බුද්ධි ප්‍රශ්න පත්‍රය කලින් පිටවී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රශ්න පත්‍රය කලින් පිටවී තිබූ බවට සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, එහෙත් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.
මෙහිදී සිදු ව ඇත්තේ අදාළ ප්‍රශ්න පත්‍රයට පසුගිය වසරවල පරිපාලන සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැත් වූ චිභාග ප්‍රශ්න පත්‍රවල සඳහන් ප්‍රශ්න කිහිපයක් ඇතුළත්ව තිබීම බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.