ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්රවනතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාවය වැලැක්වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු ( රතු පරිප්පු ) හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක් පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 5.00ක් වූ ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා ශත 25 ක් දක්වා පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මේ අනුව පරිප්පු කිලෝවක් සඳහා අයකල රු. 5.00 බද්ද රු. 4.75කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.