ප්රසාද ආසන ලබාදීමේදී ඇතිව තිබෙන අක්රමවත්භාවය නිසා පරාජිත පක්ෂවලට වැඩි වාසි හිමිවී තිබෙන බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශ්වකරුවෙකු ලෙස තම පක්ෂය තරග කළ බවත්, මැතිවරණයෙන් 70%ක ජයග්රහණයක් ලැබීම නිසා මේ වන විට තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අද (13දා) රැස්වූ බවත්, මේ අනුව අදාළ ගැටලුව විසඳා දෙන ලෙස හෙට (14දා) මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.
පරාජිත පක්ෂවලට ප්රසාද ආසන වැඩියෙන් ලබාදීම නිසා ජයග්රහණය කළ ආයතනවල බලය පිහිටුවීමේදී ගැටලු රාශියක් ඇතිවී තිබෙන බවද ඔහු සඳහන් කළේය.