දරු ගැබට සති 28ත්, දරුවා ඉපදී දින 28ත් අතර කාලය වන පරාජන්ම අවධියේදී මෙරට දරුවන් 3283ක් 2015 වසරේදී මියගිය බව ශ්‍රී ලංකා ප්‍රජනන විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවැසීය.
2015 වසරේ දත්තවලට අනුව මෙරට සජීවී දරු උපත් 334000ක් වාර්තා වූ බවත්, සති 28න් පසු මෙලොවට බිහි නොවී කුස තුළ දරුවන් 1728ක්ද ඉපදී පළමු සතිය තුළ 1555ක් මියගිය බවද හෙතෙම පවසා සිටියේය.
මෙම මරණවලට නොමේරු දරුවන්, අඩුබර උපත්, ප්‍රසූත සංකූලතා. හා උපත් ආබාධ හේතු වී ඇති බවද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා ප්‍රකාශ කළේය.