වාර්ෂිකව පර්යේෂණ සඳහා ලබාදෙන ප්‍රතිපාදන වැඩිකිරීම අනිවාර්ය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ, අද (18දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි පැවැති විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති තිළිණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල ඇතුළු පර්යේෂණ සිදුකරන ආයතනවලට ලබාදෙන මානව හා භෞතික සම්පත් ප්‍රමාණය වැඩිකිරීම අවශ්‍ය බවයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජාතික පර්යේෂණ සභාව එක්ව සංවිධානය කළ මෙම තිළිණ ප්රදානෝත්සවයේදී විවිධ ක්ෂේත්රයන්ට අදාළව 219 දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ, පසුගිය දශක කිහිපයේදී මෙරට පර්යේෂණ සඳහා ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් සහ රජයේ පාර්යේෂණ සහායක් නොලැබුණු බවයි.
ලෝකය සමග ඉදිරියට යාමේදී පර්යේෂණවලින් ලබාගන්නා දැනුම රටේ ඉදිරි කටයුතුවලට ඉතා වැදගත් වන බවත්, ඒ සඳහා පර්යේෂණ සිදුකරන පිරිස ආරක්ෂා කරගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ