වයස අවුරුදු 17 පහළ සමස්ත ලංකා අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේදී කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්‍යාල කණ්ඩායම ගමන් කළ බස්රථයට පහරදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය සමත් වී ඇත.
අප කළ විමසුමකදී ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක භද්‍රජී ද එස්. කාලිංග මහතා ප්‍රකාශ කළේ,
"මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ හා අද අප සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. තවත් තුන්දෙනෙක් පොලීසියට භාරවුණා. මේ සියලු දෙනා වයස අවුරුදු 16-20 අතරේ පාසල් හැරගිය ගම්පහ හොරණ පරණවිතාන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. ඔවුන් සියලු දෙනාම අයුතු ජනරාශිය, පොදු දේපළවලට හානි සිදුකිරීම හා දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. එම නිසා ඒ සියලු දෙනා අද උසාවියට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.