අතුරුදන් වූවන් සෙවීම සදහා නව කාර්යාලයයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බැවින් යුද සමයේ අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ලබන ජූලි මස 15 වනදා විසුරුවා හැරීමට නියමිතය.
අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව සකස් කරන තුන් වැනි වාර්තාව ද ලබන ජූලි මස 15 වැනි දා ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව තම කොමිසම විසුරුවා හරින බව හරින බව එම කොමිසමේ සභාපති මැක්වෙල් පරණගම මහතා පැවසීය.