පයින් ගසා ඉවත් කිරීමට පෙර දේශපාලකයන් වේලාවට දේශපාලනයෙන් ඉවත්වීමට පුරුදු විය යුතු බවත්, ඊළඟ ජනපතිවරණයටද පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ඊයේ (28දා) පැවැති උත්සයවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“රටක් ඉදිරියට යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තරුණ පිරිසට නායකත්වය දිය යුතුයි. ජනාධිපතිතුමාගේ පැත්තට ඡන්දය දුන් ලක්ෂ 17 යි අගමැතිතුමා ඇතුළු මේ පැත්තට දුන් ලක්ෂ 36 දෙකම එකට එකතු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ පක්ෂ දෙකේ සිටින තරුණ පිරිසට බලය ලබාදීමෙන් පමණයි. එය ප්‍රතික්ෂේප කරන හැම කෙනෙකුටම සිදුවන්නේ රාජපක්ෂගේ උන්මත්තක පවුල්වාදී දේශපාලනයට පාර කැපීම විතරයි.
ඒ නිසා මිනිසුන් පුරුදු විය යුතුයි දේශපාලනයෙන් ඉවත් විය යුතු වෙලාවට ඉවත්වන්න, පයින් ගසා ඉවත් කිරීමට කලින්. එහෙම ඉවත් නොකරන තාක්කල් සිදුවණුයේ එම පක්ෂත් පරාභවයට යෑම. ඒ දේශපාලනයත් පරාභවයට යනවා. අපි ලෑහැස්ති නැහැ දේශපාලන මළ ගමේ යන්න. ඒ නිසා වෙනස් විය යුතුයි. වෙනස් වන්නේ නැති නම් වෙනස් කිරීමේ කි‍්‍රයාවලියට අපි ඉදිරිපත් වනවා කියන එක කියන්න ඕනේ.
ඒ නිසා වහාම යුහුසුලුව කළ යුතු ආර්ථික, සමාජ, දේශපාලන ක්ෂේත්රයේ වෙනස්කම් පමණක් නෙමෙයි සියලුම වැඩකිරීමේ වගකීම හැකියා පූර්ණ තරුණ පිරිසට එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒ සමගම ඒවත් සමග ගැට ගැසී ඇති අනෙක් පක්ෂවල පිරිස්වලටත් මෙම වගකීම් භාරදී ඉදිරි මාස 18 කි‍්‍රයා කරලා අපි පොදු අපේක්ෂකයෙක් ගෙනල්ලා නැවත වතාවක් ජනාධිපතිවරණය ජයගන්න කටයුතු කිරීම සඳහා ගම් මට්ටමින්, බිම් මට්ටමින් කටයුතු කරමු.” යැයි පැවසීය